යුදගනාව රජමහා විහාරය

10:47 PM


ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ ‍බුත්තල ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයේ යුධගනාව ග්‍රාම‍‍‍‍‍යේ පිහිටා ඇත.
වැල්ලවාය  ‍මොණරාගල මාර්ග‍යේ ‍වැල්ලවා‍‍යේ සිට කි.මී16 ක් පමණ ගිය විට හමුවන යුදගනාව හන්දි‍‍යෙන් වමට ඇති මාර්ග‍‍‍‍‍‍‍‍යේ කි.මී.1 ½ ක් ගිය විට මෙම දාගැබ හමු ‍‍වේ.
ක්‍රි.පු.2 සියව‍‍‍‍‍‍‍ස දී දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරු සටන් වැදුණු ස්ථානය යුද අංගනයක් ‍‍‍‍‍‍ ‍‍‍‍‍ලෙස සැලකූ බවත් පසුව එය යුදගනාව වු බව කිය‍‍යි. ඒ හැරුණු විට 12 වන සියවසේ දී මහාපරාක්‍රමබාහු රජු විසින් සිය මෑණියන් වු රත්නාවලී බිස‍‍ව‍‍ගේ භෂ්මා‍‍‍‍‍වශේෂ තැන්පත් ‍‍‍කොට ‍මෙ‍ම දාගැබ ඉදිකළ බව තවත් අදහසකි.
මෙම දාගැබ ඌව පළා‍‍තේ පිහිටි විශාලතම පැරණි දාගැබ ‍‍ලෙස හඳුනා‍‍‍‍‍‍‍‍‍‍ගෙන ඇත. කාලය නිශ්චිතවම හඳුනා ගැනීමට අපහසු වන අතර ‍මෙම දාගැබ අසළ නුවර යුගයට අයත් විහාර ‍‍‍‍‍‍ගෙයක් ‍වේ. එ‍‍‍හෙත් ‍‍කොටවෙ‍හෙර ආකෘතියට අනුව ඉදි වුණු බව සැල‍කෙන දැදිගම පිහිටි සූතිඝර ‍චෛත්‍යයත්, ‍‍පො‍ළොන්නරු‍වේ ‍‍දෙමළ මහා සෑයත් යුදගනාව ස්තූපයත් ආකෘති‍‍යෙන් එක සමාන බව පිළිගැනේ. මෙම ස්ථූප තුනම ග‍‍‍‍ඩොලින් අඩක් නිම කළ ස්තූප වන බැවින් සමකාලීන විය හැකි බව අනුමාන කළ හැකි ය.
©2015 Thilina Sandaruwan Photography 
All rights reserved.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *