ගිරිහඩු සෑය, නිතුපත්පාන

8:10 PM






ත්‍රිකුණාමලය-ගිරිහඩු සෑය, නිතුපත්පාන...
අද මම අරන් ආවෙ ලංකාවෙ තවත් වැදගත් ඉපැරනි ස්ථානයක් ගැන.
1. ලක් වැසියන් අතර ජනප්‍රියත්වයට පාත්‍ර නොවූවත් මෙම දාගැබ ශ්‍රී ල‍ංකාවේ ප්‍රථම දාගැබ ලෙස හැදින්වේ.
2. අප මහා බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තපස්සු භල්ලුක වෙළද දෙබෑයන් විසින් මෙම සෑය ක්‍රි.පූ 528 දී ත්‍රිකුණාමලය තිරියාය ප්‍රදේශයේදී කරවන ලදී.
3. පල්ලව අක්ශර වලින් සමන්විත අඩි 20 ක් දිග අඩි 5 ක් පළල තිරියාය පර්වත ලිපිය ක්‍රි.ව. 733-772 යුගයේ රජකළ සිලාමේඝ රජු විසින කරවන ලද බවත්, එහි අක්ශර අනුව 8 වන සියවසට අයත් බවත් පරණවිතාන ශූරීන්ගේ අදහසයි.
4. ක්‍රි.ව. 1055-1110 දී මහා විජයබා රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කළ බවද සදහන් වේ.
5. මෙම දාගැබ ඉදිරියෙන් සහ පිටුපසින් කොහොඹ ගස් 2ක් ඇති අතර, ඉදිරිපස ඇති ශාකයේ පත්‍ර තිත්ත රසයකින් යුක්ත වන අතර,පිටු පස ඇති ශාකයේ පත්‍ර තිත්ත රසයකින් යුක්ත නොවීමත් මෙහි ඇති තවත් විශේෂත්වයකි..
©2015 Thilina Sandaruwan Photography
All rights reserved.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *