හක්ගල උද්භිද උද්‍යානය

10:29 PM





හක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයහෙනරත්ගොඩ උද්භිද උද්‍යානයමිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානයයි.උද්‍යානය ආසන්නයෙන්ම හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයද පිහිටා තිබේ.

පිහිටීම

නුවරඑළියේ සිට, නුවරඑළිය-බදුල්ල ප්‍රධාන පාරේ, කිලෝ මීටර 16 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 5,400 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා සිසිල් දේශගුණයක් සහිත වෙයි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16° - 30° පමණ අතර අගයකින් විචලනය වෙයි.[3] දෙසැම්බර් සිට පෙබරවාරි අතර කාල සීමාව සිසිල් දේශගුණයක් සහිත වන අතර, අප්‍රියෙල් හා අගෝස්තු අතර කාලය සාපේක්ෂව උනුසුම් වෙයි.

ඉතිහාසය

1861 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම භූමිය තුල සින්කෝනා වගා කිරීම අත්හදා බැලූ අතර, සින්කෝනා වගා කිරීමට වඩා තේ වගා කිරීම සුදුසු වීම නිසා, මේ භූමිය තුල තේ වගාකිරීම අත්හදා බලන ලදී. පසුව 1884 වර්ෂයේදී මෙම භූමිය සංවර්ධනය කරමින් උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ජනප්‍රවාද

රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි.[4][5] එම පුරාවෘත්තය සිහිකරමින් ඉදිකෙරුණු සීතා අම්මාන් කෝවිලද, උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.

සංචාරක ආකර්ෂණය

විවිධ ශාක විශේෂ 10,000 කට අධික ප්‍රමාණයක් මෙම උද්‍යානය තුල රෝපණය කොට තිබෙන අතර, උද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව 500,000 ක පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙයි.
©2015 Thilina Sandaruwan Photography 
All rights reserved.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *